අපේක්ෂකයන් තෝරන නිර්ණායක අනාවරණ කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයන් පක්ෂවලින් ඉල්ලයි

අපේක්ෂකයන් තෝරන නිර්ණායක අනාවරණ කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයන් පක්ෂවලින් ඉල්ලයි
එමෙන්ම මැතිවරණය සඳහා දූෂිතයන් ඉදිරිපත්වුව හොත් ඒ පිළිබඳවද කරුණු අනාවරණය කරන බව ඔහු අවධාරණය කළේය. ඡන්දදායකයන්ද ඒ පිළිබඳව අවධානයෙන් සිට මැතිවරණ නිරීක්ෂකයන් දැනුවත් කරන ලෙස ප්‍රකාශ කළේය. 
 
1931 සිට සර්වජන ඡන්ද අයිතිය ලැබුණත් රටේ පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව නැත්නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. මේ වන විටත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වසර දෙකහමාරකින් පමණ ප්‍රමාද කිරීම තුළ රටේ පාලකයන්ගේ ස්වභාවය පෙන්නුම කරන බව හෙතෙම පැවසීය. මඩකලපුව ජනතාව අවසන් වරට ඡන්දය භාවිතකර ඇත්තේ 2008 වසරේ වන අතර පුදුකුඩිඉරුප්පු මුහුදුබඩ පත්තු ජනතාව අවසන්වරට මැතිවරණ උණුසුමක් විඳ ඇත්තේ 1970 බවයි හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment