උතුරේ ලංගම බස් වැඩ වරජනයක මගීන්ට පීඩා

උතුරේ ලංගම බස් වැඩ වරජනයක මගීන්ට පීඩා


උතුරු පළාත්භාර ලංගම කළමණාකාර අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන උපාලි කිරිවන්තුඩුව නැමත්තා දේශපාලනික කටයුතු වල නිරත වෙමින් අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් උතුරු පළාතේ සියලු ලංගම බස් සෙවකයින් බස් ධාවන කටයුතු වලින් ඉවත්ව අද දිනයේදී වැඩ වර්ජනයක නිරත වූහ.
එමෙන්ම අදාළ කලමනාකාර අධ්‍යක්ෂකවරයාට මේ වන විට දේශපාලනික වශයෙන් නව තනතුරක්ද ලැබී ඇති හෙයින් ලංගම ඩිපෝවල රාජකාරි කටයුතුවලින් ඉවත්ව දේශපාලිනික කටයුතු වල නිරත වන අතරම දේශපාලනික කටයුතු සඳහා ලංගම බස් රථ ද යොදාගන්නා හෙයින්ද ලංගම සේවකයින්ට එරෙහිව

විවිධ වූ අත්තනෝමතික තීරණ ගැනීම හේතුවෙන් ලංගම සේවකයින් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටීම හේතුවෙන් අදාළ කළමණාකාර වරයා වහාම වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙසට ඉල්ලා අද දින මෙසේ වැඩ වර්ජනයක් දියත් කොට තිබුණි.


කෙසේ වෙතත් අදාළ වැඩ වර්ජනය හේතුවෙන් උතුරු පළාතේ මගීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටි අතර ඇතැම් ප්‍රදේශ වෙතට පෞද්ගලික බස් රථ නොමැති වීමන්ද දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට මගීන්ට සිදු විය.
වන්නි රොමේෂ් මධුෂංඛ

bs2]

bs3

bs4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget