අගමැති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි - Update

අගමැති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙයි - Update

බැඳුම්කර කොමිසමේ පළමු මිනිත්තු කිහිපය වෙන් වූයේ අගමැතිවරයා විසින් කොමිසම වෙත එවා තිබූ දිවුරුම් පෙත්සම්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා ය. මේ සම්බන්ධයෙන් කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න ජයවර්ධන යන කොමසාරිස්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. නීතිපති ජයන්ත ජයසූරිය සහ ඔහුට සහාය වීම සඳහා ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ එක් වී සිටියහ.

අග්‍රාමාත්‍යවරයාගෙන් තවදුටත් කරුණු පැහැදිලි කර ගැනීම සිදුකරනු ලැබුවේ ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය විසිනි.

නීතිපතිවරයාගේ ප්‍රශ්න කිරීම් ඔස්සේ අගමැතිවරයා විසින් තවදුරටත් කරුණු පැහැදිලි කිරීම සිදුවිය.

මේ අතර, වෙනත් නඩුවක පෙනී සිටීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සුමන්තිරන් සහ රජයේ නීතීඥ දප්පුල ලිවේරා අතර යම් ගැටළුකාරී තත්වයක් ඇති වූ අතර, එයින් අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ කරුණු විමසීමට යම් බාධාවක් සිදුවිය.

කොමිෂන් සභාව විසින් අගමැතිවරයා වෙත සිදුකෙරුණු සම්පූර්ණ කරුණු විමසීම, විනාඩි 35කට පමණ සීමා විය.

මේ අතරවාරයේ මේ වනවිට මාධ්‍ය විසින් මහත් ප්‍රචාරයක් ලබාදී තිබෙන, අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන්ට ලබාදුන් බව කියන දුරකථන ඇමතුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් අගමැතිවරයාගේ නීතීඥවරුන් විසින් යම් විමසීමක් කර ඇති අතර, එයට පිළිතුරු ලෙස ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ කිසිදු අදාළත්වයක් එම කාරණය සම්බන්ධයෙන් නොමැති බව ය.

තවද ඒ බව ලිඛිතව සඳහන් කරමින් ඔවුන් විසින් සිය අත්සන් සහිතව වාර්තාවක් අගමැතිවරයා වෙත භාර දී ඇති අතර අග්‍රාමාත්‍යවරයා විසින් එය අද සවස පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිත ය.

ඡායාරූප: ධනංජය සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment