පොලිස්පතිගේ ප්‍රකාශයට ඇමැති සාගල එකඟ නැතිලු.


ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.

මෙම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිගේ ප්‍රකාශය අනුමත කරනවාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට  පිළිතුරු ඇමතිවරයා අද (5) පාර්ලිමේන්තුවේදී මේ බව කීවේය.

පොලිස්පතිතුමා කළ ප්‍රකාශයක් ගැන අනුර මන්ත්‍රීතුමා කිව්වා. මම ඒගැන එකඟ වෙන්නේ නැහැ. මම ඒකට එකඟ නැහැ. එදා ඒ නිළධාරීන් තමන්ගේ රාජකාරිය හරියාකාරව සිදුකළ නිසා තමයි මේ තත්වය පාලනය කරන්නට පුළුවන් වුනේ.  යයිද සාගල රත්නායක මහතා කීවේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment