කතානායකගේ වැඩෙන් එජාපය කැළඹෙයි : වාරණය වූ රවීගේ විශේෂ ප්‍රකාශය මෙන්න.


හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් තමන්ගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

එජාපය කැළඹෙයි

කතානායකවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධව මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළද දැඩි ආන්දෝලනයක් මතුව ඇති බව වාර්තා වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ශවය සඳහන් කර සිටින්නේ නියමිත පටිපාටිය අනුව යමින් අද (24) දිනයේ මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද කඩවී ඇති බවට ප්‍රකාශයක් සිදුකරන බව දැනුම්දී තිබියදී කතානායකවරයා මෙසේ කටයුතු කර ඇති බවය.

කතානායකගේ වැඩේ සැකයි

එසේම කතානායකවරයා මෙසේ අද දිනයේ එම ප්‍රකාශය සිදුකිරීමට අවස්ථාවක් නොතිබුණා නම් ඒ පිළිබඳ ඊයේ දිනයේ හෝ දැනුම්දීමට තිබූ බවත් ඒ හමුවේ කතානායකවරයාගේ මෙම හැසිරීම බරපතල සැකසංකා මතුකරණ කාරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් පැවසීය.

එසේම ඊයේ දිනයේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පවසා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තා ජනාධිපති කාර්යාලයට, පාර්ලිමේන්තුවට, නීතිපති කාර්යාලයට සහ මහා බැංකුවට පමණක් ලබාදුන් බවට ජනාධිපති කාර්යාලය සහතික කර තිබෙනවා කියා බවත් අවම වශයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා තමන්ද ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් බව පවසා ඇති නමුත් ඔහු වෙතින් ඒ පිළිබඳ විමසීමක්වත් කිරීමට කතානායකවරයා කටයුතු නොකිරීම සැකසහිත තත්ත්වයක් බවද එම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රවීව දැන දැනම අවධානමේ දාලා

එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ප්‍රවෘත්ති වාර්තා පළවෙමින් ඇති බවත් ඒ හමුවේ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමේ ප්‍රකාශය සිදුකිරීමට වළක්වාලීමට කතානායකවරයාම කටයුතු කිරීම හමුවේ රවී කරුණානායක මන්ත්‍රීවරයා අවධානමේ හෙලීමේ ප්‍රයත්නයට කතානායකවරයා වක්‍ර අනුබලයක් සපයා ඇති බවක් පෙනීයන බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

කතානායක වාරණය කළේ අදිසි හස්තයක්ද ?

වැඩිදුරටත් තම අනන්‍යතාව හෙළිනොකිරීමේ සහතිකය පිට අපවෙත අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පැනනැග ඇති දේශපාලන වාතාවරණය හමුවේ කතානායකවරයා ද කිසියම් අදිසි හස්තයක මෙහෙයවීමකට නැතුව ඇතිදෝයි සැකයක් පවතින බවය.

එසේම ඒ පිළිබඳ මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේ නායක මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් එම සාකච්ඡාවෙන් පසුව මතුව ඇති තත්ත්වය පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට අපේක්ෂිත වූ කතාව පහත දැක්වේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment