මෙම නිවසට තෙරුවන් සරණයි - මීට පොහොට්ටුව

පළාත් පාලන මැතිවරණය සඳහා නාඋල ප‍්‍රාදේශිය සභාවට තරග කරන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු ආගමික සංකේත  භාවිත කරමින් මැතිවරණ ප‍්‍රචාරනයේ යෙදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.

මාතලේ සහකාර මැතිවරණ

කොමසාරිස් ශානීක රූපසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමරත්න මහතා මේ බව සඳහන් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති,ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් නායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පොලිස් මැතිවරණ කාර්යාලය සහ සියළුම ජනමාධ්‍ය ආයතන වෙත ඉකුත් දා(06)යොමුකර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි ප‍්‍රචාරක කටයුතු වල නිරත වීම මැතිවරණ නීතිය අනුව වරදක් බවයි.
ඊට අමතරව දණ්ඩ නීිති සංග‍්‍රහයේ 169 (ඈ)වගන්තියේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 අධිකාරිය) 78 වගන්තිය යටතේ මෙවැනි කටයුත්තක් නීති විරෝධි බව ද  මාධ්‍ය නිවේදනයේ සඟහන්ය.

(නාඋල - ඉන්දික අරුණ කුමාර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment