රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ අගමැති බව සරත් කියයි [Video]


අගමැතිවරයාගේ ඇතැම් හැසිරීම් නිසා රාජපක්ෂවරුන්ට රැකවරණය ලැබෙමින් පවතින බව ඉස්මතු වෙමින් ඇතැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය. විජේසූරිය මහතා මේ බව සඳහන් කළේ පසුගිය 11 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ඔහුගේ "සීත ගගුල" නවකතාව ජනගත කිරීමේ උත්සව සභාව අමතමිනි. බැඳුම්කර කොමිසම පත් කළ අවස්ථාවේ 2015 ට පෙර සිදුවූ බැඳුම්කර ගණුදෙනු පිළිබඳවද විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට අගමැතිවරයාට අවස්ථාව තිබූ බවයි විජේසූරිය මහතා පෙන්වා දුන්නේ. 

මේ අතර පසුගිය කාලයේ අපරාධ වලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ  නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන් බවට මැසිවිල්ලක් ජනාධිපතිවරයාට පවතින අතර පසුගිය වසර 20ක පමණ කාලයක් රට පාලනය කළේ නිදහස් පක්ෂය  ප්‍රමුඛ කණ්ඩායම බවට ජනාධිපතිවරයාට අමතකව ඇතැයි ප්‍රශ්නයක් පවතින බව හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම අපරාධ පිළිබඳ විමර්ශනය කරන ආයතන යම් ආකාරයක උකටලී කිරීමක් බවයි මහාචාර්යවරයා අවධාරණය කළේ. 

ඒ අනුව ජනාධිපතිවරයා පරාජය කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ පුද්ගලයන් නීතියේ රැහැනින් ගැලවීම දේශපාලන බලපෑමක් මත සිදුවන බව පැහැදිලි වන්නේ යැයි හෙතෙම පෙන්වාදුන්නේය. ජනතාවට විවිධ දේ පවසමින් කොමිසම් සභා පත්කරන්නේ ජනතාව මුලා කර කල්මැරීමටදැයි ඔහු ප්‍රශ්න කළේය. කෙසේවෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවංක ආධ්‍යාෂයක් ඇත්නම් ස්වාධීන අධිකරණ පත්කරන්නැයි ආණ්ඩුව පත්වූ අවස්ථාවේ සිට පැවසූ බව සරත් විජේසූරිය මහතා සිහිපත් කළේය. 

එමෙන්ම යුධ ජයග්‍රහණය අනිසි ලෙස භාවිතා කරමින් අහිංසක ජනතාවට  පීඩාකිරීමට  පසුගිය පාලනය කටයුතු කර තිබූ අතර  ඒවාට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු වුවත් ඔහුව අත්අඩංගුවට නොගන්නා බව පැවසූ විජේසුරිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේ මිනීමරුවන් කිසිලෙසකින්වත් රණවිරුවන් නොවන බවයි.

(ආශිකා බ්‍රාහ්මණ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment