බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් වාර්තාගත විස්සයි 20 ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20
ක්‍රිකට් තරගයේදී

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ ජයග්‍රහණය සනිටුහන් කලේ බංග්ලාදේශයේදී කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කියමිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගත්තේය. එය බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් වූ අතර 2012 වසරේදී අයර්ලන්තයට බෙල්ෆාස්හිදී ලබාගත් ලකුණු 190 මෙතෙක් බංග්ලාදේශ කණ්ඩායමක් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment