'2020ත් ජනපති මෛත්‍රීපාල සිරිසේනයි' - දුමින්ද.


2020 වසර වනතුරුත් වත්මන් ආණ්ඩුව රැගෙන යන බවත්, 2020න් පසුව ඇරඹෙන ජනාධිපතිවරණයෙන් පසු තනි ආණ්ඩුවක් යටතේද ජනාධිපතිවන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (04දා) රාත්‍රියේ වවුනියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ පැවැති ශ්‍රීලංකා නිදහස්පක්ෂ ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

''අපේ මේ රට සමරන 70 වැනි නිදහස් දිනයේදී ඓතිහාසික සිදුවීම් දෙකක් සිදු වුණා. ඒ ලොකුම සොරකම වුණ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධානියා වෙච්චි අර්ජුන් ඇලෝසියස් හා පසුගිය ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධානියෙකු වූ රැසියාවේ හිටපු තානාපති වූ උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියෙනවා. මේ හොරුන් ගැන අපේ වත්මන් ජනාධිපතිතුමන් කියපු දේවල් දැන් දැන් ඇත්ත වීගෙන යනවා. එහෙනම් 2020 වෙනකම් ජනාධිපති මේ ජනාධිපතිතුමන්ම තමයිත ඒ වගේම 2020 වනතුරු අපි ජාතික ආණ්ඩුවේ ඉන්නවා. පසුව 2020දී අපි හදන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක්.ඒකෙදි ඔය කවුරු කොහොම, කොතනක මොනවා කිව්වත් නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන එක අපි කියනවා.ඒ නිසා ඔබ සියලු දෙනා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්න'' යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment