ඇලෝසියස්ගේ ගල් - මෙන්ඩිස් වසා දමයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සමාගමට අයත්

වැලිසර පිහිටි කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

මෙන්ඩිස් සමාගම යනු මෙරට දේශීය මත්පැන් නිෂ්පාදනයේ වැඩි ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින සමාගමයි. වැලිසර කර්මාන්ත ශාලාවේ කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන සිටි සේවකයන් සමාගමෙන් ඉවත් කර ඇති අතර එහි සේවය කළ ස්ථිර සේවකයන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මෙන්ඩිස් සමාගමේ බෙදාහැරීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

අර්ජුන් ඇලෝසියස් ට අයත් සමාගම් සියල්ලේම ගිණුම් මේ වනවිට අත්හිටුවා ඇති අතර ඒ නිසා එම සමාගම් දැඩි මුල්‍ය අර්බුදයක ගිලී සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment