බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන විවාදයට පාර්ලිමේන්තු දින තුනක්

බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන විවාදයට පාර්ලිමේන්තු දින තුනක්

මීට සුළු මොහොතකට පෙර අවසන් වූ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති, පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව හෙට (6 වැනිදා) පෙ.ව. 10.30 ට ‘බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන විවාදය‘ සඳහා පාර්ලිමේන්තුව රැස් වන අතර, එය පෙබරවාරි - සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයක් නොවන අතර, විශේෂ විවාද දිනයක් වශයෙන් සැලකේ.

මේ අතර, ඒ ඒ කොමිෂන් සභා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති, බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන වාර්තාවල පිටපත් සහ සෙසු වාර්තා හෙට දින විවාදයට සහභාගි වන සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සුරේඛා සමරසේන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment