
බඳින් නැතිව මං ළමයෙක් හැදුවා
කාටවත් ප්‍රශ්නයක් නෑ
මගේ ළමයට අම්මයි තාත්තයි ඉන්නවා.
-දසුන් පතිරණ
පසුගිය සතියේ සම්මානනීය නලු දසුන් පතිරණ පියෙකු බවට පත්වීමේ පුවත වෙත අන්තර්ජාලයේ වැඩි අවධානයක් යොමු විය. ඒ අතරේ ඇතිවූ කථාබහක් වූයේ දසුන් විවාහයක් සිදු නොකරම දරුවෙකුගේ පියෙකුවීම සම්බන්ධයෙනි.ඒ ගැන දසුන් කථාකර තිබේ.
ඒ පහතපරිදිය.
දසුන් දැන් තාත්තා කෙනෙක් නේද?
ඔව් කෙල්ලක් තමයි හම්බවුනෙ. ඉතින් මම ළමයෙක් හදනවා. පසුගිය කාලෙ ගොඩදෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වෙඩින් එකක් ගන්නෙ නැතිව එක පාරට ළමයෙක්
හදන එක සම්බන්ධයෙන්. මගේ නම් තිබුණේ ලෝකෙට පේන්න වෙඩින් අරක්ගෙන අයින් වෙනවට වඩා
ඉතින් ඇයි වෙඩින් එකක් ගත නැත්තෙ?
මම හිතන විදියට දෙන්නෙක්ගෙ සම්බන්ධයක් කොලේකට සීමා කරන්න බෑ. දෙන්නා ඉන්නවනම් කොහොමත් ඉන්නවා. දැන් ඉන්න මිනිස්සු කොහොමත් ගෙවල්වල ප්‍රශ්න ගොඩක් තියාගෙන ලෝකෙට පේන්න ජීවත් වෙන්නෙ. සතුටක් නෑ. ඉතින් මට එහෙම බෑ. මම හිතන විදියට මම වෙඩින් එකක් ගන්නවනම් ගන්නේ අවුරුදු 50ක් ගියාට පස්සෙ. මම හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවනම් අවුරුදු 40 - 50කදි වගේ වෙඩින් එකක් ගන්නවා මට ඉන්න ළමයිනුත් එක්ක.
තවම දෙන්නා විවාහ ගිවිසගෙනත් නැද්ද?
තවම නෑ. හදිසියක් වුණොත් දෙන්නත් එක්ක ගිහින් අත්සන් කරනවා.
දසුන් හිතන විදිය හරි වෙනස් නේද?
ඔව් ගොඩක් අය එහෙම කියනවා. ඒත් මම හිතන්නේ මට හරි දේ මම කරනවා කියලා.
මේ මගේ ජීවිත්තේනෙ. මිනිස්සු මගේ විදියට බනිනවා වෙන්න පුළුවන්. ඒත් ඒවා මට අදාළ නෑ.
දැන් දරුවගෙ අනාගතය ගැන සැලසුම කරලද තියෙන්නේ?
ඔව්, කිසිම බයක් නෑ. තාත්තා කෙනෙක් විදියට දරුවගේ හැමදේම ඉටුකරන්න ඕනෑ. දරුවා ලංකාවෙ හදන්නෙත් නෑ. මොකද දරුවගෙ අම්මා ජීවත් වෙනෙ ස්වීඩන්වල නිසා. ඇය එහි පුරවැසිභාවය ලබාගෙන ඉන්නෙ, ඉතිං දරුවා ජීවත් වෙන්න ඕනත් ඒ රටේ.
දරුවගෙ අම්මා ගැනත් කියමු නේද?
ඇය හංසි දිසානායක. ඇය මගේ දරුවට අම්මා කෙනෙක් වෙන්න සුදුසුම කෙනා කියලා මට හිතුණා. මගේ ගැනත් මගේ ජීවිතය ගැනත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඉතින් අපි හොඳින් සතුටින් ජීවත් වෙනවා.
සටහන - ධනු විජේරත්න (සඳැල්ල)

0 comments :
Post a Comment