ෆොන්සේකා ඇමති වුණොත් මම පැය 24න් ඉල්ලා අස් වෙනවා - පොලිස්පති

ෆොන්සේකා ඇමති වුණොත් මම පැය 24න් ඉල්ලා අස් වෙනවා - පොලිස්පති

 

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 20% තරම් පහළ බැස ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා සිටින මහින්ද රාජපක්ෂ හිතවාදී කොටස් සරත් ෆොන්සේකාට මෙම තනතුර ලබාදීමට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිති.

සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර ජනාධිපතිවරයා ඔහුව කැඳවා "ඔන්න මම තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ" යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. ඒ මොහොතේ සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ "මට අවුරුද්දක් ඕනෙ නෑ සර්, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්" යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පැයක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර සිදුව ඇති අතර තනතුර පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පාර්ශ්වයෙන් කටයුතු සිදු කළ ද දැන් වන විට ජනාධිපතිවරයා යළි වැනෙන සුළු ස්වභාවයකට පත්ව සිටී. සරත් ෆොන්සේකා මහතා යළි දිවයිනට පැමිණීමට නියමිත හෙට දිනය.

සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය. එහෙත් එදා මානුශික මෙහෙයුමට සහය දුන් අතුරලියේ රතන හිමි වැනි ජනාධිපති උපදේශකයින් පවා මෙවර සරත් ෆොන්සේකාට විරෝධය පළ කර තිබිණි.

බොහෝ අයට වුවමනා වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පතෝල චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයකු පත් කරවා ගැනීමටය. ඒ, කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඇති නිසාය. කාගෙ කාගේත් දෑත්වල ජරාව තැවරී ඇති නිසාය.

පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇත. මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි. මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment