මහජන බැංකුව නිදහස සමරයි!

මහජන බැංකුව නිදහස සමරයි!

ඒ අතර, මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්වූ නිදහස් සැමරුම් උත්සවය මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි හා සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදී.

සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදෙකු වෙනුවෙන්ම රු 500/=ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

දේශීය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළඟම පිහිටි මහජන බැංකුවට මෙම තෑගි සහතිකය ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මහජන බැංකු කාර්ය මණ්ඩලය බිළිඳුන් උපන් රෝහල් වෙතම ගොස් මෙම තිළිණ එම දරුවන් වෙනුවෙන් ප‍්‍රදානය කිරීමයි.

මේ වෙනුවෙන් පැවති ප‍්‍රධාන උත්සවයන් පෙබරවාරි 04 දින උදෑසන බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී සහ බොල්ල ද සොයිසා කාන්තා රෝහලේ දී මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අලුත උපන් බිළිඳුන් වෙනුවෙන් එම දෙමාපියන් වෙත ඉසුරු උදාන තෑගි සහතික හා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම අවස්ථාවන්ට ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා, කාසල් වීදියේ කාන්තා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුඑ රෝහල් කාර්ය මණ්ඩලයන් හා මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමණකාරීත්වය ඇතුඑ කාර්ය මණ්ඩලයේ විශාල පිර්සක් ද සහභාගි වූහ.

මීට අමතරව දිවයින පුරා පිහිටි අනෙකුත් මහජන බැංකු ශාඛා කාර්ය මණ්ඩලයන්ද එම ප‍්‍රදේශවල රෝහල් වෙත ගොස් අලුත උපන් බිළිඳුන් වෙනුවෙන් ඉසුරු උදාන තෑගි සහතික හා ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment