හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නවතම කෘතිය, ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය එළිදකියි

හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නවතම කෘතිය, ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය එළිදකියි
එම දුලබ විෂය ක්ෂේත‍්‍රය වෙනුවෙන් නවතම කෘතිය දායාද කර තිබෙන්නේ මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසිනි. එනම්, ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතියයි. වසර 1864 සිට 1964 දක්වා වන සියවසක කාලය තුළ ලංකා දුම්රිය සේවයේ විකාශනය මෙන්ම දුම්රිය තාක්ෂණයේ පරිවර්තනය සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමුකරමින් මෙම කෘතිය රචනා කර ඇත. 
 
යටත් විජිත යුගයේ ජාතික දුම්රිය සේවයේ නැගීම හා ව්‍යාප්තිය පිළිබද සාකච්ඡුා කෙරෙන ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය පරිච්ඡේද දොළහකින් මෙන්ම, සාරවත් ඇමුණුම් ගණනාවකින් ද සමන්විතය. බි‍්‍රතාන්‍යයන් විසින් දායාද කළ ලංකා දුම්රිය සේවාව සම්බන්ධයෙන් කතා කිරිමේ දී, කිසිදා වෙන් කළ නොහැකි මාතෘකාවන් වන එක් එක් රටවල නිෂ්පාදනය කළ විවිධ ගතිපැවතුම් හා අනන්‍යතා ඇති දුම්රිය එන්ජින් සහ මැදිරි සහ මාර්ග, ආරක්ෂණ හා සංඥා පද්ධතිය පිළිබඳ මෙන්ම ලංකා දුම්රිය සේවාව හා සබැඳි ඉංජිනේරු විද්‍යාවේ විස්මිත නිර්මාණ, පාලම් හා දුම්රිය ස්ථාන පිළිබඳව කතුවරයා පුළුල් අධ්‍යයනයක් සිදු කර ඇත. 
 
ලංකා දුම්රිය සේවයේ වගකීම් ඉසිලූ දුම්රිය අධ්‍යක්ෂ ජනරාල්වරයන් හා සාමාන්‍යාධිකාරිවරයන් වෙනුවෙන් මෙහි එක් පරිච්ඡේදයක් වෙන් කර ඇත. එය හුදෙක්ම නාමලේඛනයක් පමණක් නොවන අතර, එම පරිච්ඡේදය තුළින් දැනුම හා අවබෝධය සොයන අයෙකුට ජාතික දුම්රිය සේවාව ඒ ඒ යුග වලදී මුහුණ පෑ අභියෝගයන් හා ඒවා ජයගනිමින් ඇතිකරගත් සංවර්ධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැක. ඔවුනොවුන් විසින්, දුම්රිය සේවාවේ තීරණාත්මකව සියවස තුළ ඒ වෙනුවෙන් පරිපාලනමය නායකත්වය ලබාදුන් ආකාරය ගැන එහි සාකච්ඡුා කර ඇත. 
 
මුද්‍රිත අකුරින් පමණක් නොව, ඉතාම දුලබ සේයාරූ, රූප සටහන්, වැදගත් වගු වලින් මෙන්ම ප‍්‍රතිනිර්මාණය කරනු ලැබූ සිතියම් හා පිඹුරුපත් වලින් ද මෙම කෘතිය පෝෂණයව තිබීම විශේෂත්වයකි. එම කෘතිය හුදු ඉතිහාස ලියවිල්ලක් නොවී, පර්යේෂණ හා ආයෝජන කෘතියක් යැයි පැවසිය හැක්කේ එම කෘතිය විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු වලින් පොහොසත්ව ඇති නිසාය. මෙම කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ, කතුවරයා විසින් අතීත අත්දැකීම් පාඨකයා වෙත ද සජීව ලෙසින්ම සන්නිවේදනය කිරිමට දරා ඇති උත්සාහයයි. අවස්ථානෝචිත අයුරින් කෘතිය පුරා එක්කර ඇති ඡුායාරූප එකතුව, පාඨක සිත් දිනා ගනු නිසැකය. එසේම, මෙම කෘතියේ ඇති සාහිත්‍යාත්මක බව පර්යේෂණයක කෘති තුළ ඇති තාක්ෂණික ලේඛන රටාවින් මිදී, පාඨකයාට ඒකත්වයෙන් යුතු රසවත් කියවිවීමක් වෙනුවෙන් ආකර්ෂණයක් ලබා දී ඇත. 
 
මහජන බැංකුවේ මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කීර්තිමත් සේවාවක් ඉටු කරමින් සිටින හේමසිරි ප‍්‍රනාන්දු මහතා, දුමිරිය සම්බන්ධයෙන් දැඩි ඇල්මක් දක්වන්නේ තමාගේ විනෝදාංශය ලෙසයි. හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පිළිවෙලින් 2013 හා 2014 වසර වල දී ලියා පලකළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සහ ‘ද ඌව රේල්වේ - රේල්වේ ටු ද මූන්’ යන කෘති දෙක සැලකෙන්නේ, ලංකාවේ දුම්රිය සේවය හා දුම්රිය සම්බන්ධයෙන් ලියා ඇති අග‍්‍රගණ්‍ය පර්යේෂණ කෘති දෙකක් ලෙසයි. අත්දැකීම්, පර්යේෂණ මෙන්ම මහත් පරිශ‍්‍රමයක් මගින් අත්පත් කරගන්නා දැනුම තුළින් ඔහු විසින් එම කෘති දෙක රචනා කර ඇත. එම කෘති දෙකම පොත් හෝ ප‍්‍රකාශන දෙකකට වඩා අනාගතය වෙනුවෙන් කරනු ලැබූ බුද්ධිමය ආයෝජනයක් බැව් සිහිපත් කළ යුතුය.
 
එදා සිට අද දක්වා මෙන්ම අනාගතයේදී ද ප‍්‍රවාහන, ගමනාගමන මෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික අංශයන්හි කොතෙකුත් වෙනස්කම් සිදු වුව ද ඒ සෑම ක්ෂේත‍්‍රයකින්ම වෙන් කළ නොහැකි තීරණාත්මක සාධකයක් වන දුම්රිය සම්බන්ධයෙන් ඔහු වැනි කාර්යබහුල පුද්ගලයකු විසින් අවධානය යොමු කිරීම සහ තමා ආදරය කරන එම විෂය සම්බන්ධයෙන් මතකයන් හා දැනුම අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරිම පිළිබඳ අප සියලු දෙනාගේ නොමද ප‍්‍රශංසාව හිමි විය යුතුය.
 
hemasiri book
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment