දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ වැඩකටයුතු අැණ හිටලා.


පළාත් පාලන මැතිවරණය සහ එහි ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඇති වූදේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් දින ගණනාවක සිට අමාත්‍යාංශ රැසක කටයුතු නිසිපරිදි සිදු නොවන බව වාර්තාවේ.

පළාත් පාලන මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්‍ෂ ජනවාරි මස 14 වැනිදා සිට සිය මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ යෙදී සිටි අතර, මැතිවරණයෙන් පසුවද, මෙතෙක් අමාත්‍යාංශවල කටයුතු නිසිපරිදි ආරම්භකර නොමැත.

මැතිවරණයෙන් පසුව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව  අමාත්‍යාංශ තුළ නිලධාරීන්ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇතැයි වාර්තාවේ.

ආණ්ඩුවේ කටයුතු අඩපණ වීම තුළ රටේ ඉදිරිගමනද අඩාලවන අතර, ඒහරහා ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණයවීමට ඉඩකඩ වැඩිය.

පාලන බලය හොබවන යහපාලන ආණ්ඩුව වෙනස්වන බවට පැතිරයන රාවයන් හේතුවෙන් මෙන්ම නව ආණ්ඩු නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් හේතුවෙන් මේතත්ත්වය තවදුරටත් උග්‍රවී ඇත.

කෙසේවෙතත් ආණ්ඩුවේ ප්‍රශ්න කඩිනමින් විසඳා ගනිමින් දේශපාලන ස්ථාවරයකින් යුතුව රටේ ඉදිරිකටයුකු කඩිනමින් කරගෙන යා යුතු බවට විද්වත්හු සිය මතය ප්‍රකාශකරමින් පවසා සිටිති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget