SLFP ජාතික අාණ්ඩුවෙන් ඉවත්වෙයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා ජනපතිවයා අතර හමුවක් අද දිනයේදීද ජනපති නිල නිවසේදී පැවැති අතර එහිදි නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සිය තීරණය ජනපතිවරයාට දන්වා ඇති බව වාර්තා වෙයි.
මේ අතර නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමටත් ජනපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
යහපාලන ආණ්ඩුව ඉදිරියට - බදාදාට කැබිනට් සංශෝධනයක්
යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් බදාදාට කැබිනට් සංශෝධනයක් වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් වෙත පවසා තිබේ.
ඒ අරලියගහ මන්දිරයේ මේ වන විට පැවැත්වෙන එජාප මැති ඇමති රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.
ජනපතිවරයා, අගමැතිවරයා හා කතානායකවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම භෝජන සංග්‍රහය පැවැත්වෙයි.
0 comments :
Post a Comment