අද මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු නියෝජිතයන්ට වර්ජනය අතහැර සේවයට වාර්තා කරන ලෙසත් ලබන 28 වනදායින් පසු ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව පැවසූ බවත් ඒ මහතා පවසයි.
ජනක විමලසූරිය මහතා පවසන්නේ සිය ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබා දෙන තුරු වර්ජනය අත්නොහරින බවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කළ බවයි. මේ වන විට විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය කාර්යයන්වලින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉවත් වී ඇති බවද ඔහු සඳහන් කළේය. එසේම විදුලිය, ජලය බිඳවැටීම් සිදුවුවහොත් ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවන බවද ඔහු පැවසීය.
අද පැවති සාකච්ඡාව සඳහා ජාතික සේවක සංගමයේ සහකාර ලේකම් ධර්මබන්දු මහතා, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරු දෙදෙනා සහ සම ලේකම්වරයා සහභාගී වූ බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් කිසිවකු සහභාගී නොවූ බවද ඒ මහතා පැවසීය.
එසේම ඔහු සඳහන් කළේ ලබන අඟහරුවාදා රටේ සුවිශේෂී ස්ථානයකට පා ගමනක් සංවිධානය කර තිබෙන බවයි.
ප්‍රදීපා වීරසේකර
0 comments :
Post a Comment