පිරිවෙණ සුරැකීමේ සංවිධානයට අධ්‍යාපන ඇමතිගෙන් සාකච්ඡාවක්

පිරිවෙණ සුරැකීමේ සංවිධානයට අධ්‍යාපන ඇමතිගෙන් සාකච්ඡාවක්

එම සංවිධානය ගොඩනගා සති දෙකක් යන්නටත් පෙර අධ්‍යාපන බලධාරින්ගේ ඇස් ඇරෙන්නට පටන්ගෙන ඇතැයි එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු බලධාරින් පිරිවෙන් ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් මුනිවත රකින්නේ නම් පිරිවෙන් පද්ධතිය තාවකාලිකව වසා දැමීමට හා උද්ඝෝෂණ ක්‍රියාවලියකට අවතීර්ණ වන බවට පිරිවෙණ සුරැකීමේ සංවිධානය කරන ලද බලපෑම හේතුවෙන් වසර තුනක් තිස්සේ නොලැබුණු ඇමති සාකච්ඡාවක් ලබාදී ඇතැයි එම සංවිධානය කියයි. පිරිවෙණ සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ නියෝජිතයන් 11 දෙනෙකු සමග එම සාකච්ඡාව අද (16) පස්වරු 1.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

- දයා නෙත්තසිංහ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment