ෆවුසිට ලක්ෂ 430ක වාහනයක් : රනිල්ගේ ආරක්ෂක රථයකට කෝටියක්.

සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහා වාහනයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 430ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශය සඳහා වාහන ලබාගැනීමට රුපියල් ලක්ෂ 100ක මුදලක්ද අමරපුර සංඝ සභාවේ මහා නායක කොටුගොඩ ධම්මාවාර නාහිමිටන්ගේ පාවිච්චිය සඳහා වාහනයක් මිලදී ගැනීමට ජනාධිපති කාර්යාලයට රුපියල් ලක්ෂ 213.9ක්ද වෙන්කරවා ගැනීමට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

නිඟයෙන් පීඩා විඳින ජනතාවට සහන සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි 145ක මුදලක්ද විභාග දෙපාර්තමේන්තුවට මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක්ද ෂැන්ග්‍රිලා හෝටලය සඳහා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ නගර සභාවට ගෙවිය යුතු හිඟ ගිවිසුම්ගත බැඳීම් නිරවුල් කිරීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීමට රුපියල් 342,000,000ක්ද මෙම පරිපූරකයෙන් වෙන් කර ඇත.

මීට වසරකට පමණ පෙර එනම් 2016 වසරේ මැයි මස හෝ ඒ ආසන්න කාලයේද අග්‍රාමාත්‍යවරයා සඳහා රුපියල් ලක්ෂ 6000ක් වියදම් කර ආරක්ෂක රථ දෙකක් ගෙන තිබිණි.

මූලාශ්‍රය - ලංකා ටෲත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment