
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පළකර ඇති බව වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු පළමුවරට ඊයේ (05) රාත්‍රී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හමුවක් පැවති අතර මේ සඳහා එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ද සහභාගි වී තිබේ. විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ ඇමතිවරුන් සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවර පැහැදිලි කළ අගමැතිවරයාට ඔවුන් ඉවත් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් යහප්ත ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනෙකු විශ්වාසභංගයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේය.
එජාපය පවසන්නේ රජයට එරෙහිව ඡන්දය දුන් ඔවුන්ට තවදුරටත් ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. මේ අතර අදාළ ඇමතිවරුන් පිරිසට එරෙහිව අද විශ්වාසභංග යෝජනා 16 ක් කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බව ඊයේ එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර තිබිණි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment