විශ්වාසභංග දවසේ මහින්ද - චතුර හමුවෙයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පැවැති බදාදා දින ඡන්ද විමසීමෙන් පසු රාත්‍රි 10.00 ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා හමු වුයේ දිර්ඝ කාලයකට පසුවයි.
හිටපු ජනාධිපතිවරයාට විවිධ අවස්ථා වලදී විවිධ දේශපාලන අභීයෝග එක් කරමින් කටයුතු කළ චතුර සේනාරත්න මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුව සුවිශේෂි එකක් වුනා.
"කොහොමද චතුර ඔයාගේ විශ්වාසභංග යෝජනා කථාව හරිම හොදයි. කථාවේ ශෛලයට මම ඉතා කැමැතියි. කුමන දේශපාලන පක්ෂයක සිට දේශපාලනය කළත් මම කථාවේ ශෛලයට ගොඩක් කැමැතියි" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිනා මුසු මුහුණෙනි.
එවිට චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කළේ "හොදයි හිටපු ජනාධිපතිතුමනි" යනුවෙනි.
0 comments :
Post a Comment