ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය
අගමැතිවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් කැබිනට් ඇමැතිවරු 6 දෙනා ඇතුළු මැති ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ සියල්ලක්ම ඒකමතිකව තීරණය කර තිබේ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටද තනතුරේ විශ්වාස භංගත්වයට පත් කළ බවට ගෙනා විශ්වාසභංගයට සහාය දීමටද හවුල්කාර පක්‍ෂ තීරණයක සිටියි.
එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ වල ඉහත තීරණය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දුන් අතර සති අන්තයේදී ඉහත තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජන්දය ප්‍රකාශ කරන බවත් සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ඇමැතිවරුන් 6 දෙනාද රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 9 දෙනා සමඟ නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනා වැඩි ජන්ද 50කට වැඩි ගණනකින් ජයග්‍රහණය කරනා බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.
රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ජන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රීලනිප මැති ඇමතිවරු කිහිප දෙනෙකුද මේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ ඡන්දය ප්‍රකශ කරන බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
0 comments :
Post a Comment