
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අමල් කරුණාසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප්‍රේල් 05 වන දින පැමිණෙන මෙන් මීට පෙර දැනුම් දී තිබිණි. එය මඟහැරීම සඳහා හේතුවක් සොයා ගැනීමට ඔහු යුධ හමුදා රෝහලේ වෛද්‍ය, මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා හමුවී ඇත. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට රෝගයක් නොමැති හෙයින් ඔහුව යුධ හමුදා රෝහලට ඇතුළත් කර ගැනීම සඳහා තමන්ට මැදිහත් විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.
ඉන්පසුව අමල් කරුණාසේකර මහතාගේ සහයට පැමිණ ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධනට ය. ඔහු යුධ හමුදා රෝහලේ වෛද්‍යවරයකු වන බ්‍රිගේඩියර්වරයකුට අමතා අසනීපයක් නැතත් අමල් කරුණාසේකරව යුධ හමුදා රෝහලට ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කර ඇත. අත් අඩංගුවට පත් වන්නට පෙර අමල් කරුණාසේකර හදිසියේ රෝගී වී ඇත්තේ ඒ ආකාරයටය.
අමල් කරුණාසේකර මහතා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගෙන් තවමත් ප්‍රකාශ සටහන් කරගෙන ද නැත.
කෙසේවෙතත් මේ පිළිබඳව තතුදත් පාර්ශ්ව සඳහන් කරන්නේ අමල් කරුණාසේකර මහතාට අදාළ නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් නාවික හමුදාවේ මැදිහත්වීම නිසා අනාගෙන ඇති බවය. මීට පෙර අමල් කරුණාසේකර මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීමට ගිය සිදුවීමේදී ආරක්ෂක ලේකම්වරයා විදෙස්ගත වී ඇති බවට අධිකරණයට සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කළේ ද නාවික හමුදා නීති නිලධාරියෙකි. මේ දෙවැනි සිදුවීමය ය. නාවික හමුදාව මේ ආකාරයට යුධ හමුදාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ නම් ලෙඩා මිය යාම හැර අනෙකක් ඉතිරි නොවනු ඇත.
0 comments :
Post a Comment