
අගමැතිවරයාට එරෙහි වූ ඇමතිවරුන්ට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඉදිරි කැබිනට් සංශෝධනයේදී ඔවුන් ඇමති තනතුරුවලින් පහ කළයුතු බවත් එජාප ඇමතිවරුන්ගේ මතයයි.
එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන කැබිනට් අමාත්‍යවරුන් සහ ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායක රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව සඳහා සහයෝගය ලබා දුන්නේය.
ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබා දුන්නද එම පිරිසට ඇමති වරප්‍රසාද භුක්ති විඳීමට ලැජ්ජාවක් නොමැති බව එජාප ඇමතිවරුන්ගේ අදහසයි. ඔවුන් මේ වනවිට ජනාධිපතිවරයා හමු වී සිය ඇමති ධූර ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරත වන බවත් එහෙත් ඒ සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවත් එජාප ඇමතිවරු පවසති.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍ය ධූර ලබාදීමේදී අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය අනිවාර්ය බැවින් කැබිනට් සංශෝධනයේදී අදාල පිරිසට අමාත්‍ය ධූර අහිමි වීමට ඉඩ ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
0 comments :
Post a Comment