මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්ගෙන් කාටත් වැදගත් තීන්දුවක්

මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්ගෙන් කාටත් වැදගත් තීන්දුවක්

මීට සති තුනකට පෙර මෙම කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ අඩුකරන ලෙස යාපනය මහධිකරණ විනිසුරුවරයා නියෝගයක් නිකුත් කොට තිබුණේ එම පළාතේ පිරිසක් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සම මඟින් කියා තිබුණේ පළාතේ පාසලට, ඉගෙනුම ලබන ළමුන්ට හා රෝගීන්ට මෙම කොවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ වැඩී වීම විශාල බාධාවක් බවයි. ඒ අනුව කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ අඩු කරන මෙන් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පළාතේ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී තිබුණි.

ග්‍රාම නිලධාරිවරයා විසින් ඉදිරිපත්කරන ලද වාර්තා දෙකක සඳහන්ව තිබුණේ කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ තවමත් අඩු කොට නොමැති බවටයි.

මේ අතරතුර කලින් පිරිස විසින්ම යළිත් මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ පළමු නියෝගය කෝවිල් භාරකාරීත්වය විසින් නොසලකා හැර ඇති බවටයි. මේ හේතුව නිසා පෙත්සම නැවත සලකා බැලීමට සියලු පාර්ශ්ව පසුගියදා යාපනය මහාධිකරණයට කැඳවා තිබුණි.

මෙහිදී අධිකරණයේ නියෝග මත ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ අඩු නොකිරීමට හේතුව විමසූ අවස්ථාවේදී කෝවිලේ පූසාරිවරයා පවසා ඇත්තේ දෙවිවරුන් ශබ්ද පූජාවන්ට වඩාත් ප්‍රිය බව සඳහන් නිසා තමන් කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ වැඩි කළ බවයි.

එම පිළිතුර අනුව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු වරයා පවසා ඇත්තේ ''දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්දවාහිනී යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කිරීමට පියවර ගත යුතු බවටත් දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන ලෙසට පළාතේ ජනතාවට බාධාවක් හෝ හිරිහැරයක් නොමැතිව සාමාකාමීව ජීවත් වීමෙන් දෙවියන්ද එයට තවත් ප්‍රිය කරන බවටත්ය.

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget