
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය නිමවී දිවයිනට පැමිණීමෙන් අනතුරුව එම ආරාධනය මැලේසියානු ජනාධිපතිවරයා වෙත ලබා දීමට සූදානම් කර ඇති බව සඳහන්.
එම සංචාරය අතරතුර මැලේසියානු ජනාධිපතිවරයා මෙරට පාර්ලිමේන්තුව ද අමතනු ඇති.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියානු ජනාධිපති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා අතර පවත්නා සමීප සම්බන්ධතාව හා මහතීර් මොහොමඩ් මහතාගේ දේශපාලන දර්ශනයට මෙරට ජනාධිපතිවරයාගේ පවත්නා ඇල්මත් ඊට ආසන්නම හේතුව බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩනැගූ අකාරය ඔහුගේ වදනින්ම මෙරට ජනතාව ඇසිය යුතු අතර එය මෙරට ආර්ථික, සමාජ සහ දේශපාලන සංස්කෘතික සංවර්ධනයේ නව මානයක් කරා යොමු කරන්නක් වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළකර තිබේ.
2017 ජනවාරි 08 දෙවසරක ජයග්‍රණය සැමරීම නිමිත්තෙන් මහතීර් මොහොමඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටි නමුත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු සම්පාදනය නොකළ හෙයින් එම අවස්ථාව ගිලිහි ගොස් තිබුණි.
කෙසේ වෙතත් ලබන නිදහස් දින ජාතික උළෙලට මැලේසියානු ජනාධිපති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා මෙරටට ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය බාධා නොකරනු ඇති බවටත් ඊට අවශ්‍ය කටයුතු සලසා දෙනු ඇති බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇති බවද සඳහන්.
මහතීර් මොහොමඩ් මහතා දේශපාලනික වශයෙන් චීන විරෝධියෙක් වන අතර ඔහුව රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මෙරටට ගෙන්වීමට චීනයෙන් විරෝධයක් එල්ල විය හැකි බවට ද විශ්වාසය පළ වෙමින් තිබේ. ජනවාරි 08 සැමරුමට ඔහුව ගෙන්වීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කැමැත්තක් දක්වා නොතිබුණේද එම චීන විරෝධය හේතුවෙන් බව කියැවෙයි. මේ අනුව ඉදිරියේදී චීනයේ හැසිරීම සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටීමට සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
2016 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු නිල රාජ්‍ය සංචාරය අතරතුර ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ජනාධිපතිවරයා රැඳී සිටි කාමරයේදී මහතීර් මොහොමඩ් මහතා හා ජනාධිපතිවරයා අතර රහසිගත හමුවක් සිදුව තිබුණි. එම හමුව වැලැක්වීම වීම සඳහා එවකට මැලේසියානු පාලකයා වූ නජිබ් රසාක් මුරකාවල් තර කර තිබුණද ඒ සියල්ලටම වැලි ගසා මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මුණ ගැසී තිබුණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ ජනවාරි 08 දේශපාලන පෙරළිය පිළිබඳ දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර වසර 15කට පසුව ආචාර්ය මහතීර් මොහොමඩ්ගේ "අපේක්ෂාවේ සන්ධානය" ජයග්‍රහණය කරා ගෙන යාමට ඉන් බොහෝ දේ උකහා ගන්නට ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා මහතීර් මොහොමඩ් මහතාගේ එකී රහසිගත හමුවේ ඡායාරූප ලොවට අනාවරණ කරමිනි.
ඒ හරහා මැලේසියානු අපේක්ෂාවේ සන්ධානයේ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සමීප සම්බන්ධතාව ලොවට හෙළිදරව් වූ අතර එය අනාගතයේ මෙරට දේශපාලනයටද සුබවාදීව බලපානු ඇති බවට මහතීර් මොහොමඩ්ගේ දේශපාලනය හා මහතීර් මොහොමඩ් ගොඩනැගූ මැලේසියාව පිළිබඳ තතු දන්නා බොහෝ දෙනා විශ්වාසය පළකරමින් තිබේ.
0 comments :
Post a Comment