සෝමේ යළිත් චිත්‍රපටි සංස්ථාවේ සභාපති ?


චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා යළිත් චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් සෝමරත්න දිසානායක මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පදවිය ලබාදීමට සූදානම්වන බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටුම කලාකරුවකු බවට පත්ව සිටි සෝමරත්න මහතා  2014 දෙසැම්බර් 09 වැනිදා  පිටකෝට්ටේ 'සෝලිස්’ ශාලාවේදී විශේෂ පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් විය.

ඉන් පසුව ඔහු යහ පාලන ආණ්ඩුව ආරම්භයේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කෙටි කලක් කටයුතු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment