බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයා මියගියේ කුඩු ගහලා


ඊයේ (13දා) බ්‍රිතාන්‍ය ජාතික හාවඩ් තෝමස් ඇන්ඩෘ (26) රග්බි ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවේදී මියගොස් ඇත්තේ අධික ලෙස මත්ද්‍රව්‍ය ලබාගැනීමේ හේතු මත බවට
වාර්තා පළව තිබේ.
සුහද

රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායමේ ක්‍රීඩකයකු වන ඔහු සමග රෝහල් ගතවූ අනෙක් ක්‍රීඩකයාද දැඩි ආසධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.
සමාජ ශාලාවකදී ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති අතර ඉරිදා අලුයම නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණි පසු උදෑසන 10ට පමණ හුස්ම ගැනීමේ අපහසුතා සහිතව රෝහල් ගතවී තිබුණි.
 'Clems Pirates Rugby' කණ්ඩායම සුහද රග්බි තරග දෙකින් එකක් 11 වෙනිදා  කොළඹ 'CR & FC' කණ්ඩායම සමග පැවති අතර ඊළඟ තරගය මැයි 15 වෙනිදා නාවික හමුදා කණ්ඩායම සමග වැලිසරදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබියදී මෙම අකරතැබ්බය සිදුවිය.
බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර ඔවුන් අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය ලබාගත් බවට සාක්ෂි හමුව තිබේ. මියගිය තැනැත්තා උතුරු අයර්ලන්තයේ පදිංචිකරුවෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment