
මෙම මස 10 වන දින සිට 30 වන දින දක්වා චීනයේ පැවැත්වෙන සත්ව පාලන පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු සහභාගී වී තිබේ. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පරිපාලන අතිරේක අධ්‍යක්ෂවරයා ද තවත් සත්ව පාලන නිලධාරීන් දෙදෙනෙකු මෙම පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වී තිබේ.
එම නිලධාරීන් පශු සම්පත් අංශයට හෝ ක්ෂේත්‍රයේ කිසිදු ඍජු සබඳතාවක් නොමැති කාර්යාලයේ පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් යැයි සඳහන් කරමින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විගණකාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.
කුකුළු, ගව, එළු ආදී සතුන් වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා 650ක් පමණ වන පශු වෛද්‍යවරුන් පිරිසක් දිවයින පුරා සේවය කරන බවත් ඔවුන්ට මෙවැනි විධිමත් පුහුණුවක් ලබා දීම උචිත වන නමුත් එම පුහුණුව සඳහා සහභාගී වූ නිලධාරින් තිදෙනාගෙන් රටට තබා ඔවුන්ටවත් අදාළ පුහුණුවෙන් සෙතක් නොවන බව එම සංගමය පවසයි. සත්ව පාලනය සම්බන්ධයෙන් සිදුවූ මෙම අක්‍රමිකතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment