
වියත් මග සංවිධානය මෙහෙය වූ සම්මන්ත්‍රණයක් අද (13) කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති අතර එහි ප්‍රධාන දේශනය සඳහා ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි. රොහාන් ගුණරත්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් වියත් මග සංවිධානයේ නායකයන් කිහිප දෙනෙකුගේ විරෝධය පළවී ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇතුළු හිටපු හමුදා සාමාජිකයන් පිරිසක් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
රොහාන් ගුණරත්න යනු පසුගිය කාලයේදී යුද්ධයට එරෙහිව සිය මතය ප්‍රකාශ කළ පුද්ගලයෙකි. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළ නොහැකි බවත්, සාකච්ඡා මාර්ගයෙන් ජනවාර්ගි අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවත් ප්‍රකාශ කළ රොහාන් ගුණරත්න වැනි පුද්ලයෙකු වියත් මග සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න කමල් ගුණරත්නලාගේ තර්කය වී තිබේ. එවැනි පුද්ගලයන් සම්බන්ධ කරගැනීම වියත් මග සංවිධානයේ ප්‍රධාන අරමුණුවලට පටහැනි බව හිටපු හමුදා සාමාජිකයන් ඇතුළු යුදවාදී වියත් මග නායකයන් ප්‍රකාශ කරයි.
රොහාන් ගුණරත්න මෙම සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ කරගැනීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තනි කැමැත්තට සිදුකර ඇති අතර ඊට වියත් මග සංවිධානයේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබේ. රොහාන් ගුණරත්න ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂලා පසුගිය කාලයේදී හැඳින්වූ අතර දැන් බටහිර ඒජන්තයන් තමන් සමීපයට ගැනීමෙන් ගෝඨාභයලාගේ දේශප්‍රේමයේ නිරුවත හෙළි වී තිබේ.
ගෝඨාභයගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් වියත් මග සංවිධානයේ සැලකිය යුතු පිරිසක් අද පැවති සම්මන්ත්‍රණය වර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා වියත් මග සංවිධානය තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කරන බවත් තවදුරටත් එවැනි කටයුතු සිදුවන්නේ නම් සංවිධානයෙන් ඉවත්ව යාම හැර වෙන විකල්පයක් නොමැති බවත් වියත් මග යුදවාදී කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
0 comments :
Post a Comment