පුරා වසර දෙකහමාරක නිහැඬියාවකින් පසු මෙම වැඩසටහන මෙසේ නැවත ආරම්භ වූයේ ලංකා නිව්ස් වෙබ් ප්‍රමුඛ LNW මාධ්‍ය ජාලයේ නවතම සාමාජිකයා වීමට නියමිත readphotos.com වෙබ් අඩවියේ සංවිධාන හා අනුග්‍රාහක දායකත්වයෙනි.
වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම ඡායාරූප ශිල්පය හදාරන නවකයන් ද වැඩසටහන සඳහා එක්ව සිටියහ.
ලාල් හෑගොඩ මහතා විසින් ‘සොළොසක් රූ, කල්පනා ලෝකය සහ වැඩබිම“ යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, එහිදී ඡායාරූප සංස්කරණයේ නූතන භාවිතයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. වැඩසටහනට සහභාගි වූවන් සඳහා තරග දෙකක් පැවැත්වූ අතර එහි ජයග්‍රාහකයා වෙත මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.
LNW මාධ්‍ය ජාලය වෙනුවෙන් අදහස් දැක්වූ නීතීඥ රදිකා ගුණරත්න, එහිදී ‘‘read photos" හෙවත් ‘ඡායාරූප බලන්න නොව කියවන්න‘ නමැති සංකල්පය මුල්කරගෙන ඉදිරියේදී දොරට වැඩීමට නියමිත readphotos.com වෙබ් අඩවියේ අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කළාය. මෙම සංකල්පයෙන් යුතුව ආරම්භ කෙරෙන ලෝකයේ පළමු වෙබ් අඩවිය බවට readphotos.com පත්වනු ඇත. එහි අරමුණ වන්නේ දේශීය ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ වෙනුවෙන් ජාත්‍යන්තර වේදිකාවක් සහ වෙළඳපොළක් නිර්මාණය කර දීමයි.
readphotos.com වෙබ් අඩවියේ කර්තෘවරයා වන්නේ ප්‍රවීන ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න මහතා ය.
ලාල් හෑගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඡායාරූප ශිල්පීන්ගේ මෙම මාසික හමුවේ මීළඟ වැඩසටහන ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත ය.
ඡායාරූප - නිශාන්ත
0 comments :
Post a Comment