පසුගිය රජය සමයේ හම්බන්තොට නගරසභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ය. හම්බන්තොට වරාය නැරඹීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට පහරදීම සඳහා පිස්තෝලයක් රැගෙන පැමිණීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර පසුව ඔහු ප්‍රකාශ කළේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි. එහෙයින් පසුකාලීනව ඔහු ප්‍රසිද්ධියට පත් වුණේ 'සෙල්ලම් පිස්තෝල නගරාධිපති' වශයෙනි.
හම්බන්තොට නගරාධිපති තේරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදීමට කාශ්මීරයේ පැවති කාන්තා රග්බි පුහුණු කඳවුරකට සහභාගී වී සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විශෙෂයෙන් ම පැමිණ තිබිණි. හම්බන්තොට නගරසභාවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිස රැස්කළ නාමල් රාජපක්ෂ ඔවුන්ට ප්‍රකාශ කර තිබුණේ "හම්බන්තොට නගරසභාව යූ.එන්.පී. එකට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒත් අර එරාජ්ට එන්න දෙන්න එපා. ඌ මෛත්‍රීට මුට්ටිය අල්ලන් ඉන්න එකා. ඒනිසා ඌට නම් කොහෙත්ම චාන්ස් එකක් දෙන්න එපා" යනුවෙනි.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිස මීළඟට ගොස් තිබුණේ චමල් රාජපක්ෂ මහතා හමුවීමට ය. චමල් රාජපක්ෂ ඔවුන්ට උපදෙස් ලබාදී තිබුණේ "ඔය එරාජ් අපේ මිනිහෙක්. ඔය මිනිහට ඔය නඩු වැටිලා තියෙන්නෙ අපිට වැඩ කරලා. නාමල්ලාට දැන් ඒවා මතක නැහැ. අනිත් ප්‍රශ්න පස්සෙ විසඳාගන්න පුළුවන්. ඔයාලා එරාජ්ට ඡන්දෙ දෙන්න" යනුවෙනි."ඒත් සර්, එතකොට මහින්ද මහත්තයයි, නාමල් බේබියි .... ?" යනුවෙන් ප්‍රශ්න කළ මන්ත්‍රී පිරිසට චමල් පිළිතුරු දී තිබුණේ "තමුසෙලා එරාජ්ට ඡන්දෙ දීලා ටික දවසක් ටෙලිෆෝන් ඕෆ් කරගෙන ඉන්නවලා, එතකොට හරි" යනුවෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු එරාජ්ට නගරාධිපතිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලැබුණේ ඒ ආකාරයටය. කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ චමල් රාජපක්ෂ මේවන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සමීපවීමේ උත්සාහයෙන් ක්‍රියාකරන බවයි.
0 comments :
Post a Comment