
මුලතිව් පුදුකුඩිඉරිප්පු මුංගිලාරු ප්‍රදේශයේ චීන සමාගමක් අක්කර 800ක උණ වගාවක් සඳහා භූමිය එළිපෙහෙළි කිරීමට එරෙහි මුලතිව් පළාතේ ස්වේච්ඡා සංවිධාන දෙකක් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිලි
කොට තිබේ.
මුගිලාරු ප්‍රදේශයේ ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අක්කර දෙසීයක නිවාස යෝජනා ක්‍රමයක් සඳහා වෙන්කොට තිබූ බවටද මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් කොට ඇත.
ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් වහාම මේ පිළිබඳව සොයා බලන මෙන් මුලතිව් දිසාපතිවරියගෙන්ද ඉල්ලීමක් කොට තිබේ. පැමිණිල්ලට අනුව මෙම කැලය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
-රසාදි චතුරංගි ගමගේ-
0 comments :
Post a Comment