ශ්‍රීලනිප - එජාප හවුල පුංචි ඡන්දෙන් පසු අවසන්: ජවිපෙ එජාපය සමග එක්වෙයි?


පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියත්වය අඩු කිරීම සඳහා විවිධ සාකච්ඡා හා ක්‍රමන්ත්‍රණ සිදු වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දවසක UNP නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකින් එකිනෙකා වේදිකාවේ දී බැණ ගන්නේ බොරුවට බව පැවසු බව ද සඳහන් කළ අමාත්‍යවරයා මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් අලුත් රංගනයක නිරත වන බව ද කියා සිටියේය.

ඉදිරියේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවුවත් ජනතා විමුක්ති පෙරමුණ නම් නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget