බැඳුම්කර සටන පෙරට.. : ජනපතිගෙන් අභියෝගයක්.
පළාත් පාලන මැතිවරණයට පෙර හැකි නම් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ අනෙක් මහා පරිමාණ වංචා සම්බන්ධ වාර්තා පිළිබඳ විවාදය පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියෝග කරයි.
පානදුර ප්‍රදේශයේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ය.
බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පසු පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ජනහමුවේදි අප්‍රසාදය පළ කළේය.
0 comments :
Post a Comment