කොට ගවුමට කැමති විදුහල්පතිවරුන්ට බඩු බනිස් වන ලකුණු!



දිවයින පුරා ඇති 10200 ක පමණ පාසල් අතරින් පාසල් කිහිපයක සේවයේ නියුතු අනධ්‍යයන කාන්තා සේවිකාවන්ට විදුහල්පතිවරුන් කොට ගවුම් අඳින ලෙස බලකරන බව දිනෙන් දින පැමිණිලි ලැබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා වෙත පසුගිය ජුනි මාසයේදී ලිපියක්‌ මගින් දන්වා ඇත.

සීමාසහිත පාසල් ගණනාවක පමණක්‌ සිදුවන මෙම හිංසනය නිසා එම සේවිකාවන් මානසික ව්‍යාකූලත්වයට හා මානසික පීඩනයකට පත්ව ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද රාජකාරිවලට අදාළ නොවන රාජකාරි පවරමින් සති අන්තයේදී රාජකාරි කටයුතු සඳහා පැමිණෙන ලෙස බලකිරීම් කරන බවද ලේකම්වරයා සඳහන් කරන අතර මේ ගැන විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටී.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීමක් කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ වූ අතර ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධකර ගැනීමට හැකිවිය. එහිදී ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් මීට පෙරද ලැබී තිබුණු බවත්, නිසි ආකාරයට සාක්ෂි සටහන් ඇතුව කුමන පාසල්වල කුමන විදුහල්පතිවරුන් මෙය කරන්නේද යන්න පිළිබඳව අනාවරණය කරන්නේ නම් ඒ පිළිබඳව කඩිනම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත්ය.

මීට අමතරව පාලාත් පාලන පාසල්වලද මෙවැනි ආකාරයේ බලපෑම් සිදුකරන්නේ නම් අදාළ කලාප අධ්‍යක්ෂකවරයාට දැනුම් දිය හැකි බව හෙතෙම කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment