පන්නිපිටියේ නිවසක එකම පවුලේ පස් දෙනෙක් කුඩු පැකට් කරලා


මහරගම පන්නිපිටිය වීර මාවත ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි එකම පවුලේ පස් දෙනකු සමඟ හෙරොයින් ග්‍රෑම් හයසිය අසූතුනක් 14 වැනිදා උදෑසන අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය පවසයි. අත්අඩංගුවට පත් අය අතර එකම පවුලේ මව, පියා, දියණියන්
දෙදනා සහ බාල දියණිය

විවාහ කර ගැනීමට සුදානමින් සිටින තරුණයකු ද සිටී. දියණියන් දෙදෙනා සහ මව අවුරුදු 17, 27 සහ 45 වයසේ පසුවන බවත් පියා සහ තරුණයා 57 සහ 24 වැනි වියේ පසුවන්නන් බවද පොලිසිය පැවැසීය.

 හෙරොයින් මිලිග්‍රෑම් දහය බැගින් වූ ඇසුරුම් කළ පැකට් 3600ක් හා ඇසුරුම් නොකළ හෙරොයින් ග්‍රෑම් 360ක් අත්අඩංගුවට ගත් බවත් මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්‍ෂ හැටකට ආසන්න බවත් පොලිසිය පැවැසීය.  මෙම මත්කුඩු ඇසුරුම් කිරීමේ ජාවාරම කුලී පදනම මත ලබාගත් නිවාස කිහිපයකම දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති බවත් පන්නිපිටියේ කුලියට ලබාගත් මෙම නිවසේ මාසයක පමණ කාලයක්
මෙම ජාවාරම කරගෙන ගොස් ඇති  බවත් පවුලේ වැඩිමහල් දියණිය මලෙස මත්කුඩු ඇසුරුම් කිරීම මවගේත් පියාගෙත් නැගණියගේත් සහාය ඇතිව කර ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළ වූ බවද පොලිසිය පවසයි.

 වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම  පිරිස මත්කුඩු අසුරුම් කරමින් සිටි බවත් මත්කුඩු ඇසුරුම් කිරීම සඳහා යොදා ගන්නා  කුඩාවට සකසන ලද කඩදාසි තොගයක් සහ මත්කුඩු බර මැනීම සඳහා යොදා ගන්නා මධ්‍යම ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික් කිරුම් උපකරණයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බවත් පොලිසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment