මහරගම ඔෆිස් එකේ අය සැකකළාට මං හොරෙක් නෙමෙයි ලියා දිවිනසාගත් තරුණයා



 තමන් සේවය කළ වැඩපොළේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් එහි සේවකයන් තමා සැකකරමින් ඇනුම්පද කියන බවත් ඒවා තමාට මානසිකව ඉවසා ගත නොහැකි බවත් පවසමින් මවට ලිපියක් ලියා මහරගම
පෞද්ගලික ආයතනයක සේවකයකු ඉකුත්ද (12) ඔහුගේ නිවසේ දී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරගම පදිංචි දුමින්ද නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
රැකියා ආයතනයේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් ආයතනයේ

මිතුරන් තමාට ඇනුම්පද කියන බැවින් ඒවා තමාට මානසික වදයක්වී ඇති බවත් ඔහු නිවැසියන්ට පවසා ඇත.
මොහු එදින (12) ඔහුගේ මව පේනයක් බැලීමට කියා නිවසින් යවා තමා සොරකු නොවන බැව් පවසා ලිපියක් ලියා මෙසේ ගෙල වැලලාගෙන ඇති බවත් මෙම මුදල් සොරකම ඉකුත් ජුනි 16 වැනි දින සිදු වී ඇති බවත් පොලීසිය පවසයි.
මිය ගිය තරුණයාගේ සොහොයුරිය වන එන්. කාංචනා මහත්මිය මෙසේ පැවසුවාය. එදා අන්තිමට කඩේ වහල නියෙන්නෙ මල්ලි. ඊට පසු දින වැඩට ගියාම එතන කතා වෙලා කියනවා මුදල් වගයක් නැති වෙලා කියලා.
එයාල සැක කරනෙ ඒ සල්ලි මල්ලි ගත්තා කියලා. ඒක එයාට කෙළින්ම කියන්නේ නැතුව එයා දකින දකින සැරේට ඇනුම්පද කියනව. සමහර අය කියනවලු දැන් දුමින්දට වාහනයක් වුණත් ගන්න පුළුවන් වගේ එක එක ඒව කියල ඇනුම්පද කියලා තියෙනවා.
මල්ලිට වැඩ කරන්නම බැරි තත්වෙට ඇනුම්පද කියලා. නැතිවෙච්ච මුදල ගාණක් කියලත් නැහැ, මල්ලි කීප දවසක් අපිත් එක්ක මේ ගැන කිව්වා. එයා හැම තිස්සෙම කියනව අක්කේ මම හොරෙක් නොවෙයි කියලා. එයා හැමතිස්සෙම ඒ ගැන කල්පනා කර කර හිටියේ. අපි හිතුවේ නැහැ මල්ලි මේ ප්‍රශ්නෙට මේ තරම්ම මානසිකව වැටිල කියලා. අපේ මල්ලි අපිට නැති වුණා. අපේ මල්ලි හොරෙක් නොවෙයි. මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව මහරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment