ආණ්ඩුකරු නෑ කිව්වට බස්නාහිර සභාවට සැප පුටු ගෙන්වන තීරණයේ වෙනසක් නෑ

විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ලවුවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගි පටු මිලදී ගැනීම පළාත් සභාව රුපියල් අටකෝටි හැටලක්ෂයක් වැය කරන තීරණයේ වෙනසක් සිදුවී නැතැයි දැනගන්නට ලැබේ.
එකක් රුපියල් 6,40,000 බැගින් වන පුටු 135ක් සැපයීම සඳහා බෙල්ජියමේ සැපයුම්කරුවකුට ඇනවුමක් බාර දී ඇතැයි
බස්නාහිර පළාත් සභාවේ

ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 104කි. මේ අනුව වැඩිපුර පුටු 31ක් ඇනවුම් කර ඇත. මෙම
මෙම පුටුවක මිල රුපියල් ලක්ෂ 2ක් වුව ද රේගු බදු නැව් ගාස්තු සහ වැට බදු එකතු වූ විට පුටුවක මිල රුපියල් 6,40,000 දක්වා වැඩි වන බව යසරත්න මහතා කීය.
පුටුවල තවත් වෙනස්කම් සිදු කරන ලෙස සැපයුම්කරුට දන්වා තිබෙන බව ද ඔහු පැවසීය. පාර්ලිමේන්තුවේ භාවිත කෙරෙන පුටුවලට සමාන මෙම පටු පීල්ලක් උඩ සවිකර තිබෙන අතර, ඒවා අංශක 360කට කරකැවීමටත් උස් පහත් කිරිමටත් හැකියාව තිබෙන බව ද යසරත්න මහතා කීය. මේ අතර මෙම පුටු මිලදී ගැනීමට විරුද්ධ වෙමින් ඒවා මෙරටින් මිලදී ගන්නා ලෙස  යෝජනා කළේ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අට
දෙනකු පමණකැයි ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සුනිල් බටගල මහතා පැවසීය. පුටු මිලදි ගැනීම අත්හිටුවන ලෙස බස්නාහිර ආණ්ඩුකාර හේකුමාර නානායක්කාර මහතා මීට පෙර උපදෙස් දුන් නමුත් පළාත් සභාව එය පිළිපැද නැතැයි දැනගන්නට තිබේ.
(සන්ඩේ ටයිම්ස්)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment