විශේෂ අධිකරණයේ පෙනී සිටින්නැයි ගෝඨාභය රාජපක්ෂට සිතාසි


රජයේ මුදල් රුපියල් මිලියන 38ක් වැය කරමින් වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා 7 දෙනෙකුට ලබන සැප් 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බස්නාහිර පළාත් විශේෂ ත්‍රිපුද්ගල
මහාධිකරණය අද (27) නියෝග කළේය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය සතු මුදල් මේ ව්‍යාපෘතියට වැය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.
 ගෝඨාභය රාජපක්ෂ හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ

සංස්ථාවේ එවකට හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම වරදට හසුව ඇත.
සාපරාධී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම යනාදී චෝදනා හතක් පිළිබඳ මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ. නීතිපතිවරයා නීතිමය අධ්‍යයනය සිදුකර පරීක්ෂණ කළ වාර්තා අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා වෙතට ඉදිරිපත් කළ අතර අගවිනිසුරුවරයා නීතිපතිවරයා වෙත ලබා දුන් නියමයට අනුව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.
මේ නඩුව සම්බන්ධයෙන් ලේඛන සහ නඩු භාණ්ඩ එකසියපහක් විගණන වාර්තාවක් සමඟ සාක්ෂිකරුවන් අසූවක් පමණ නීතිපතිවරයා ඉදිරිපත් කරයි. සාක්ෂිකරුවන් අතර දූෂණ වි‍රෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රජයේ සැකකටයුතු ලේඛන පිළිබ රෙජිස්ට්‍රාර්වරයා, දකුණු පළාතේ රජයේ තක්සේරුකරු ද වෙති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment