තට්ට කතාව නිසා ඇමැති ෆොන්සේකාගේ “ෆීල්ඩ් මාර්ෂල්“ තනතුර ගැලවෙන ලකුණු

පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙයට හේතුවී ඇත්තේ වත්මන් හමුදාපතිගේ කාර්යයන්ට ෆොන්සේකා මහතා සෘජුව මැදිහත්වීමට උත්සාහ දැරීමත් ඒවා වැරදුණු පසු ඔහුව නිර්දය ලෙස විවේචනය කරමින් කතා පැවැත්වීමත්ය. තනතුර ගැලවීමට නම්
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇත.


මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබේ. ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමග අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමග සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment