අමාත්‍යාංශ 10ක විෂය ගැසට් වෙයි : ගම්මන්පිලගේ බුද්ධ ශාසනයට කාන්තා හා ළමා කටයුතුත්.
නව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍යාංශයන්ට අදාළ විෂයයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.
එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරය හොබවන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු විෂයයන්ට අදාළ ආයතනයන් ද පවරා ඇති අතර සමාජ සවිබලගැන්වීම් විෂය නිවාස හා සමාජ සුබසාධණ අමාත්‍යාංශයට ගැසට් කර ඇත.
තරුණ, කාන්තා හා ළමා කටයුතු විෂයයන්ට අදාළ ආයතන ගැසට් කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයටය.
දිනේෂ් ගුණවර්ධණ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වෙත මුස්ලිම් ආගමික කටයුතු විෂය පවරා තිබේ.
තවත් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ සියලූ ආයතන හා දෙපාර්තමේන්තු දයාසිරි ජයසේකර මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.
0 comments :
Post a Comment