ශ්‍රීලනිපය පොහොට්ටුවට එක් නොවේ : සිරිසේනට ඇතුලේ විරෝධයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (11) මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවැති අතර එහිදී ඔවුන් කුමන හේතුවක් මත හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) එක් නොවන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අදාළ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ සරත් අමුණුගම මහතා විසිනි.
තත්ත්වය මෙය නම් තමා ඡන්දය නොඉල්ලන බව එහිදී දුමින්ද දිසානායක මහතා පවසා තිබේ.
මෙහිදී පොදු පෙරමුණකින් ඡන්දය ඉල්ලීම සඳහා ද යෝජනාවක් හිටපු මන්ත්‍රීවරුන් විසින් ගෙනවිත් ඇති බව වාර්තා වේ.
සිරිසේන
කෙසේවුවද, තවත් පිරිසක් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසීමක් කරමු යැයි යෝජනා කර ඇතත් තවත් පිරිසක් පවසා ඇත්තේ ඔහු මේවන විට ශ්‍රීලනිපය පාවාදී ඇති බැවින් ඔහුගෙන් විමසීමෙන් පලක් නොවන බවයි.
0 comments :
Post a Comment