ජනාධිපතිගේ තීරණය ගැන තවත් ජාත්‍යන්තර නිවේදන 3ක්.


පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මරිස් පේන් විසින් අදාල නිවේදනය ඊයේ (10) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වන්නේය.

එම තීරණය සම්බන්ධයෙන් තම රජය කලකිරිමෙන් හා කනස්සල්ලෙන් පසුවන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දිගු කාලීනව ඔස්ට්‍රේලියාවේ මිතුරෙකු බවත්, මෙම තීරණයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය පිළිබඳව අවධානමක් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රටේ ප්‍රජාතන්ත්‍රික ආයතනවලට ගරු කරමින් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේය.

මේ අතර මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද නිවේදනයක් නිකුත් කර ඇත.

 ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදයට සාමකාමී විසදුමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදය කඩිනමින් හා සාමකාමීව විසෙදෙනු ඇතැයි සිය අපේක්ෂාව බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනඥයින් ද මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇත.

ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ ස්ටාර්ලින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජිවත් වන දෙමළ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය කඩිනම් පියවර ගත යුතු බවයි.

මේ අතර අමෙරිකාව ද ඊයේ(10) දිනයේදී මෙරට පාර්ලිමේන්තුව විසුරුවාහැරිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment