පොහොර සහ ඇඟලුම් අමුද්‍රව්‍ය හදන කම්හලක් මිරිජ්ජවිලට?


ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සැළකිල්ලට ගනිමින් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැලසුම් කලාපයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුවට සමගාමීව පොහොර කම්හලක් සහ ඇඟලුම් සඳහා අවැසි අමුද්‍රව්‍ය නිපැයුම් කම්හලක් ඇති කළ යුතු බව ඕමානයේ ගෑස් සහ ඛනිජතෙල් සම්පත් ඇමැති ආචාර්ය මොහොමඩ් බීන් හමාඩ් අල් රූනි මහතා පෙරේදා (25) පෙන්වාදුන් බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් ආචාර්ය මොහොමඩ් බීන් හමාඩ් අල් රූනි මහතා ‍මේ බව පෙන්වා දුන් බවත් එම සාකච්ඡාවට ඇමැති මලික් සමරවික්‍රම, ඇමැති කබීර් හෂීම් මහත්වරු සහ නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය ඇතුළුව ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහභාගී වුණ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කෙළේය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් ලෙස පොහොර නිපදවීමත්, 63% ඇඟලුම් අපනයනයෙන් ආදායම් ලබන රටක් බැවින් පොලියෙස්ටර් සහ පොලිඑතලීන් රසායනික ද්‍රව්‍ය තුළින් ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදි නිපදවීමේ හැකියාව තිබෙන බවටත් ඕමාන් ඇමැතිවරයා කරුණු පෙන්වා දුන් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වසර 2050 ආසන්න වන විටදී ලෝකයේ ඉන්ධන ඉල්ලුම බෙහෙවින් අඩු තත්ත්වයකට පත්වන බවත්, ඊට හේතුව විදුලියෙන් ගමන් කරන වාහන සංඛ්‍යාව ඉහළයෑම බව පෙන්වා දුන් ඕමාන් ඇමැතිවරයා ඒ ගැන සැළකිලිමත්ව පිරිපහදුව තුළින් අතුරු නිෂ්පාදන බිහි කරගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළහොත් එය රටේ අනාගත ආර්ථිකයට පිටිවහලක් වන බව සිහිපත් කර දුන් බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කෙළේය.

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget
Shares
FacebookXPinterestEmailSumoMe