මෙම දැරිය මාස තුනක කාලයක් රඳවාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඇයට බියර් සහ මුත්‍රා පානය කරවීම හා පොලු වලින් පහරදීම ඇතුළු විවිධ වධහිංසාවන් සිදුකර තියෙනවා කියලයි ඇය පොලිසියට කියලා තියෙන්නේ.
මේ අමානුෂික වැඩේ කරලා තියෙන්නේ අවුරුදු 21 ක් වුණු මාළු වෙළඳාමේ නිරත තරුණයෙක් කියලයි ඇය ලබාදී ඇති තොරතුරුවලට අනුව හෙළිවෙලා තිබෙන්නේ.
ඇය මෙම සැකකාර තරුණයාගෙන් මිදී පොලිසියට ගොස් මේ බව පැමිණිලි කර තිබෙනවා.
පසුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර සැකකාර තරුණයා එහි නොසිටියත් දැරිය සඳහන් කළ ආකාරයට පහරදුන් පොලු සහ බියර් ටින් එහි තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment