සිය පපුවේ "යුක්තියට ගරු කරමු" යනුවෙන් පච්චයක් කොටා ඇති සීයා කෙනෙකු තමන්ගේ මිණිබිරිය වන 14 හැවිරිදි පාසල් සිසුවියක වරින් වර දුෂණය කිරීමේ සිද්ධියක් මුන්දලම පොලිස් වසමෙන් වාර්තා වෙනවා. ඇයගේ සුළු පියාද (බාප්පා) මෙම සිද්ධියට හවුල් වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙසේ වරින් වර සීයා සහ බාප්පා අතින් අතවරයට ලක්වූ දැරිය පාසලේදී නිතර නිතර කනස්සල්ලෙන් පසුවන බව ඇයගේ පන්ති භාර ගුරුවරිය විසින් අවස්ථා ගණනාවකදී නිරීක්ෂණය කර තිබෙනවා. පසුව සිසුවියගේ ක්‍රියාකලාපය පන්ති භාර ගුරුවරිය විසින් විදුහල්පතිවරයාට දන්වා ඇති අතර විදුහල්පතිවරයා විසින් මේ බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට දැන්වීමට කටයුතු කර තිබෙනවා.
එහිදී දැරියට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් කරුණු හෙළිවී තිබෙනවා. තමන් නිවසේ තනිව සිටින බොහෝ අවස්ථාවල සීයා සහ බාප්පා විසින් අතවර කරන බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත. ඒ අනුව සැකකරුවන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment