බිළිදකු ඝාතන සිද්ධියේ වරෙන්තුකාරියක් වසර 18 කට පසු අත්අඩංගුවට



බිළිදකුගේ ගෙල සිරකර  ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කාන්තාවක් වසර 18කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිළිදකුගේ ඝාතනයකට අදාළ වරෙන්තුකාරියක් වසර 18 කට පසු අත්අඩංගුවට

ලැබුණූ තොරතුරකට අනුව  අම්බලන්තොට පොලීසියයි වැටලීම සිදුකර අත්තේ.

1998 වසරේ ජුනි මස 24 වනදා  අදාළ බිළිදාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන  ඇප මත මුදා හැර තිබුණා.

එදින සිට ඇය අධිකරණය සහ පොලිසීය මග හරිමින් සැගව සිට තිබෙනවා.

අධිකරණය නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව වසර 18 කට පසුව ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ අම්බලන්තොට ප්‍රදේශයේදීයී.

අදාළ සැකකාරිය අනුරාධපුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව අනාවරණ වී තිබෙනවා.


හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ  ඇය යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment