ලංකාව පරාජය කිරීමේ 'මෙහෙයුම ගැන' බංග්ලාදේශයෙන් ඇහෙන කතාව



ආසියානු කුසලාන විස්‌සයි විස්‌ස අවසන් මහා සටන අද(06)පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මෙම අවසන් තරගයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව පරාජය කළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළ වන ඉරිදා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක් පහතින් දැක්වෙනවා.

ප්‍රශ්නය-ඔබ පුහුණුකරු ලෙස වැඩ භාරගත්තට පස්‌සේ ශ්‍රී ලංකාව ඇරුණහම බංග්ලාදේශ පිල ඉදිරියේ දණ නොගසපු කණ්‌ඩායමක්‌ මේ වන විටත් නැහැ. කොහොමද ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුම දියත් කළේ..
 
පිළිතුර- ශ්‍රී ලංකාව සමග කියලා විශේෂ වෙනසක්‌ කළේ නැහැ. ගොඩක්‌ වෙලාවට මගේ ශක්‌තිය වන්නේ පෙර සූදානමයි. මැච් එක දවසට මට මුකුත් කරන්න නැහැ. ඉඳගෙන මැච් එක බලන එක තමයි මම කරන්නේ. හැබැයි ඊට ඉස්‌සෙල්ලා වෙන පෙර සූදානම ගැන වඩාත් අවධානය යොමු කරනවා.

විශේෂයෙන් ප්‍රතිවාදී කණ්‌ඩායම් පන්දුවට පහර දෙන විදිය පිළිබඳව. නවීන තාක්‌ෂණයත් එක්‌ක ඒකට නම් මේ දවස්‌වල ඕනෑ තරම් තොරතුරු තියෙනවා. ඒ වගේම ගොඩක්‌ ක්‍රීඩකයන් ගැන මම දන්නවා. සමහරවිට දන්න එකම නරක පැත්තට හැරෙන්නත් ඉඩ තියෙනවා. හැම තරගයකට වගේම ශ්‍රී ලංකාව සමග තරගයේදීත් සිදු කළේ වෙන තරගවලදී කරන දේවල් ටිකම තමයි. හැබැයි පෞද්ගලිකවම ගත්තොත් ශ්‍රී ලංකාව සමග තරගයට එද්දී මට ඒකෙ වෙනස්‌ම හැඟීමක්‌ දනවන්නක්‌ වුණා.

මොකද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කොහොමද... එයාලා හැසිරෙන්නේ කොහොමද... කියන එක සහ එයාලා අවස්‌ථානුකූලව තරගය මෙහෙයවන විදිය ගැන මට අදහසක්‌ තිබුණ නිසා. ඒ වගේ කරුණු 3 ක්‌ විතර මේ තරගය ජයග්‍රහණය කරන්න උදව් වුණා.

ප්‍රශ්නය-ඔබ ශ්‍රී ලංකා කණ්‌ඩායමෙත් පුහුණුකරුවකු ලෙස කාලයක්‌ සේවය කළා. සංසන්දනාත්මක ගත්තොත් ඒ කාලේ කණ්‌ඩායමයි වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමයි කොයි විදියටද දකින්නේ...?

පිළිතුර-මං බලන්නේ ඇත්තටම ක්‍රිකට්‌ කියන මුල ලක්‌ෂයෙන්. මම හිතනවා ශ්‍රී ලංකාවේ ගොඩක්‌ දක්‌ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. මම දකින විදියට මේ සැරේ තියෙන දක්‌ෂතා ගත්තොත් බංග්ලාදේශ කණ්‌ඩායමට වගේම, ඔව් ඊටත් වඩා වැඩි දක්‌ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා.හැබැයි මම දකින්නේ ඒ දක්‌ෂතාවයේ හරි ප්‍රතිපල ලබන්න කාලයක්‌ යයි කියලා. මොකද අලුත් අයට ක්‍රිකට්‌ ගහන්න තව කල් යනවා. වැරැද්ද වුණේ දැන් නොවෙයි. ඒක වුණේ මීට වසර තුන හතරකට ඉස්‌සෙල්ලා. අපේ සැලසුම්වල. අන්න ඒකයි තියෙන එකම දේ මම දකින පැත්තෙන්.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment